-2.1 C
New York

රටේ සියලු දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ? සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

Published:

රටේ සෑම දිස්ත්‍රික්කයෛකම ‍කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් සිටිය හැකි බව ‍නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද (26) කීවේය.

හෙතෙම මේ බව කිය සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින් ම අඩු වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය සිටිය හැකි බවට අපි නිගමනය කර තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් සිටින ප්‍රදේශයක රෝගය පැතිරීම සිදුවුවහොත් එය ‍ඉතා වේගයෙන් පැතිරෙනවා. මේ නිසා ආසාදිතයන් අවම කරගැනීම අත්‍යාවශ්‍යයයි. දැනට වාර්තාවන ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනා ආවේ ඒ සම්බන්ධ තෝරාගැනීට කරන ලද අහඹු පරීක්ෂණ කිහිපයකින් පමණයි. නමුත් මේ 68 දෙනාට වඩා අති විශාල පිරිසක් සමාජයේ සිටිය හැකියි. ඊයේ ආසාදිතයන් 1,666ක් වාර්තාවන විට ඒ අතරින්න යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයන් විය හැකියි. ඔවුන් වෙන වෙනම ඩෙල්ටා සඳහා පරීක්ෂා කර නැහැ. ඒ නිසා ඩෙල්ටා දැයි හඳුනාගත නොහැකියි.

Related articles

Recent articles

spot_img