-5.9 C
New York

බාලවයස්කාර සිසුවියට සිය රථයේ දී අතවර කළ ගුරුවරයෙක් කොළඹ රථගාලේ දී අත්අඩංගුවට

Published:

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක් රවටාගෙන් බත්තරමුල්ලට රැගෙනවිත් ඇයට ලිංගික අතවර කළ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 49ක් වූ තාක්ෂණවේදය විෂය උගන්වන ආබාධිත ගුරුවරයෙකි.

එංගලන්තයේ පදිංචි සිය පුංචිඅම්මා වෙත යාමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සම්පූර්ණකිරීමට අවශ්‍ය පොත් පොත් කිහිපයක් මිල දී ගැනීම සඳහා උදව්කරන ව පවසමින් මෙම දැරිය ඔහුගේ මෝටර් රථයෙන් කොළඹට රැගෙනවිත් ඇත.

දැරියගේ මව ද අංශභාගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. ඔන්ලයින් පන්ති අවසන් වූ පසු පොත් ගැනීමට ගුරුවරයා සමඟ යන බව දැරිය සිය මවට පවසා පැමිණ ඇතැයි ද හෙළිවී තිබේ.

ගම්පහ සිට කොළඹට පැමිණ කිඹුලාවල රථගාලේ ඔහු මෝටර් රථය ගාල්කර ඇත. දැරිය ඉදිරිපස අසුනේ සිටි බවත්, ගුරුවරයා පසුපසට ගොස් මද වේලාවකින් ඉදිරිපස අසුනේ සිටි දැරිය කාරයේ ඉදිරිපස අසුන් දෙක අතරින් පසුපස අසුනට යනු දුටු ත්‍රී රෝද රථ රියදුරකු පොලිසියට කරන ලද දැනුම්දීම අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා වෙත ඉදිරිපත්කිරීමෙන් පසු ලැබුණු වාර්තාව අනුව ඇය අතවරයට ලක්ව ඇති බව තහවුරු වූ බවයි.

Related articles

Recent articles

spot_img