-5.9 C
New York

ගෑස් සිලින්ඩරය බර අඩුකර ගැසට් කරයි. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මිල වෙනස් වෙයි

Published:

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (25) නිකුත්කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ එල්.පී. ගෑස් ලීටර 18ක් සහිත කිලෝ ග්‍රෑම් 9.6ක් බරැති ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150.00ක් වන බවයි. නමුත් මෙම මිල අදාලවන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකට පමණි.

කළුතර දිස්ත්‍රික්කයේ දී එම ගෑස් සිලින්ඩරය රුපියල් 1,158.00ක් වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ දී එය රුපියල් 1,181.00ක් වෙයි. මෙලෙස දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් මිලක් සහිතව ප්‍රකාශයට පත්කර ඇති උපරිම සිල්ලර මිල වැඩිම දිස්ත්‍රික්කය වන්නේ යාපනයයි. එම මිල රුපියල් 1,259.00කි.

මෙම ගැසට් නිවේදනයට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තවත් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි සඳහන් වන්නේ ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය බවයි. එසේ නොමැතිනම් ඒවා නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බව ද එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.  

Related articles

Recent articles

spot_img