-5.9 C
New York

රියදුරු බලපත්‍ර තැපෑලේ හිරවෙයි ? “අපි ළඟ නෑ” – තැපැල්පති කියයි

Published:

රියදුරු බලපත්‍ර 70,000ක් පමණ ‍තැපෑලේ හිරවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් මාසයේ 01 වැනි දා සිට එම දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර 122,429ක් මුද්‍රණය කර තිබෙන අතර ඒවා බොරලැස්ගමුව තැපැල් කාර්යාලය මගින් ලියාපදිංචි තැපෑලෙන් හිමිකරුවන් වෙත යොමු කර තිබිණි.

කොාරෝනා වසංගත තත්වය හේතුවෙන් මාසයකට අධික කාලයක් තැපැල් සේවා නැවතී තිබීම හේතුවෙවන් මෙම තත්වය උදා වී තිබේ.

රියදුරු බලපත්‍ර ප්‍රමාදවී තිබීම පිළිබඳ දිනකට විශාල ඇමතුම් ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබෙන බව එහි නිලධාරියකු කීවේය. මෙම ගැටලුව මගහරවා ගැනීම සඳහා රියදුරු බලපත්‍ර කුරියර් සේවාවකින් යැවීමේ ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත් හෙතෙම පවසයි.

මේ පිළිබඳ තැපැල්පති රංජිත් ආරියරත්නගෙන් විමසූ විට කියා සිටියේ තැපැල් හුවමාරුවේ රියදුරු බලත්‍ර හිරවී ඇතැයි පවසන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ එවැනි ප්‍රමාදයක් ගැන විමසා නැති බවත් හෙතෙම කියා සිටියේය.

Related articles

Recent articles

spot_img