-5.9 C
New York

රජය මෝල් හිමියන් සමඟ ඩීල් දාලා. වී ගොවීන් අමාරුවේ

Published:

වී ගොවීන් සමඟ සාකච්ඡා කර වී මිල තීරණය කළ යුතු වුවත් රජය ‍මහා පරිමාන මෝල් හිමියන් සමඟ ඩීල් දමා වී මිල තීරණය කිරීමෙන් ගොවීන්ට බලවත් අසාධාරණයක් වන බව ඇලහැර ගොවිජන එකමතුව චෝදනා කරයි.

ඔවුන් පවසන්නේ විශාල මුදලක් වැය කරමින් පොහොර හා කෘමි නාශක අර්බුදවලට පවා මුහුණ දෙමින් වී වගාකරන තමන්ට වී මිල තීරණය කිරීමට ඉඩ නොදීම මාෆියාවක් බවයි.

ඇලහැර ගොවිජන එකමුතුවේ කැඳවුම්කරු මධුර ශ්‍රීපාලි පියරත්න මෙසේ කීවේය.

“වගා කරන්නේ අපි. විකුණන මිල තීරණය කරන්න ඕන ගොවීන් වන අපි විසින්. නමුත් රජය හැමදාම කරන්නේ කොළඹ කාර්යාලවල ඉඳලා මහා පරිමානයෙන් වී මෝල් පවත්වාගෙන යන මුදලාලිලා එක්ක එකතු වෙලා වී මිල තීරණය කරනවා. අපි අමාරුවේ වැටෙනවා. අපිට සිද්දවෙන්නේ වස බොන්න. අතරමැදි මෝල් මුදලාලිලා තමයි මේ වගාවේ ලාභය ගන්නේ. මේක ඩීල් එකක්.”

ඔවුන් පවසන්නේ ගොවීන්ගේ නියෝජනයක් නොමැතිව මෝල් හිමියන් සමඟ සාකච්ඡා කර වී මිල තීරණය කිරීම පුදුම සහගත බවයි.

වී වගාව සඳහා යන නිෂ්පාදන පිරිවැය සැළකූ විට වී කිලෝ එකක් රුපියල් 60.00 –  65.00ක මිලකට විකිණීමට අවශ්‍ය බව ගොවීහු කියති.

Related articles

Recent articles

spot_img