-2.1 C
New York

ග්‍රාම නිලධාරීන්ට තවත් වැඩක්. කොරෝනා එන්නත්කරණයේ ප්‍රගතිය සොයන්න වෙයි

Published:

කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්තාකිරීමේ වගකීම ග්‍රාම නිලධාරීවරුන්ට පවරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමේ මෙම තීරණය ගෙන තිබිණි.

එම චක්‍රලේඛයට අනුව වයස් කාණ්ඩ යටතේ කොරෝනා එන්නත්කරණය සම්බන්ධ තොරුතරු ලබාගෙන ඉදිරිපත් කළයුතු බව ද, එම තොරුතුරු එළැඹෙන 31 වැනි දිනට පෙර ග්‍රාම නිලධාරීවරුන් විසින් ඉදිරිපත් කළ යුතු බව ද දක්වා තිබේ.

කෙසේවෙතත් ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දෙන්නේ මෙම වැඩපිලිවෙල ප්‍රයෝගික නොවන බවය.

Related articles

Recent articles

spot_img