පොලිස් නැටුම් කණ්ඩායමක සාමාජිකයන් බව කියමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමුකළ පිරිසක අයකු කොරෝනා ආසාදිත බව සනාථවීමත් සමඟ කරන ලද සොයාබැලීම්වලින් ඔහු පොලිස් නිලධාරියකු නොවන බව හෙළිවී තිබේ.
ඉහළ නිලධාරියකු විසින් මෙම පිරිස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා යොමුකර ඇත්තේ කතරගම පෙරහැරේ නර්තන කණ්ඩායම්වල කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මොවුන් පරීක්ෂණ සඳහා යොමුකර තිබුණේ උසස් තනතුරක් දරන නිලධාරියකු විසිනි.
ඔහු විසින් යොමුකරන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ මොවුන් පොලිස් සංස්කෘතික අංශයේ පහතරට නර්තන කණ්ඩායම බවයි.
නාරාහේන්පිට පොලිස් රෝහලේ දී ඔවුන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවව සිදුකර ඇති අතර එක් අයකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි.
එම පුද්ගලයාට ප්‍රතිකාර ලබාදීම සඳහා තොරතුරු රැස් කිරීමේදී ඔහු පොලිස් නිලධාරියකු නොවන බවට අනාවරණය වීමත් සමඟම බරපතල ගැටලු සහගත තත්ත්වයක් උදාවී ඇත.