spot_img
spot_imgspot_img

ගාල්ල දැඩි කොරෝනා අවදානමක ? තැන තැන කොරෝනා පොකුරු. පවුල් පිටින් ආසාදිතයි

පුවත්

විදෙස්

ගාල්ලේ කොරෝනා තත්වය අතිශය දරුණු මට්ටමකට ළඟා‍වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගයන් හමුවී ඇති අතර ඔවුන් ඇඟළුම් කර්මාන්තශාලා සමඟ සම්බන්ධ වූ අයයි.

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඩෙල්ටා ආසාදිතව හමුවූ තරුණිය කොග්ගල ඇඟළුම් කම්හලක සේවය කරන්නියකි. බද්දේගමින් හමුවූ දෙදෙ‍නාම එකම ඇඟළුම් කම්හළක සේවකයන්ගේ පවුලේ සාමාජිකයෝ වෙති.

මේ අනුව පැහැදිලි වන්නේ කො‍රෝනා ඩෙල්ටා ප්‍රභේදය ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අතට පැමිණ ඇති බවයි.

හබරාදුව පුලිනතලාරාම විහාරස්ථානයේ භික්ෂූණ්වහන්සේලා 17ක් සහ ආසන්න නිවසක හතර දෙනකු ද කොරෝනා ආසාදිතයන් බවට අද වාර්තාවිය. ඔවුන් ඩෙල්ටා ආසාදිතයන් ද යන්න කිව නොහැකි වුව ද මේ එකම ස්ථානයක සිටින පුද්ගලයන් ‍විශාල ප්‍රමාණයක් එකවර ආසාදිතයන් බවට පත්වීමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය නොවේ යැයි ද කිව නොහැකිය.

‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ පසුගිය සති දෙකක පමණ කාලයක් රෝගීන් වාර්තාවීමේ දී ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අය අතරින් ආසාදිතයන් බවට පත්වීම 18% සිට 10%ක් පමණ දක්වා අඩු වූ බවයි. නමුත් පසුගිය දින 04ක පමණ කාලයක් සැළකූ විට යළි එම ප්‍රමාණය 20%ක් ආසන්නයට වැඩි වී ඇති බව පෙනී යන්නේ යැයි ඔවුහු පවසති.

ගාල්ලේ පුද්ගලික රෝහල් සහ රසායනාගාර කිහිපයක ඇන්ටිජන් පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ සිදුකරන අතර ගත වූ දින 04ක කාලයේ දී ගාල්ලේ එම ස්ථාවලින් කොරෝනා ආසාදිත බවට හඳුනාගන්නා පුද්ගලයන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වී තිබේ. මීට හේතුවන්නට ඇත්තේ ද කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සැක පළකරති.

එමෙන්ම ඔවුන් මතුකරන තවත් ප්‍රධාන කරුණක් තිබේ. මෙතෙක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් පවා වාර්තා වුව ද ඔවුන් හඳුනාගන්නා ලද්දේ සීමිත වූ ප්‍රදේශ කිහිපයකින් පමණි. එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක පවා විවිධ ස්ථානවලට සීමාවූ කුඩා කොරෝනා පොකුරු දක්නට ලැබිණි.

නමුත් දැන් සිදුව ඇත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. ගාල්ලේ බොහෝ ප්‍රදේශවලින් දිනපතාම කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. ඔවුන් එක් ප්‍රදේශයකට පමණක් සීමා වී නැත.

මේ අතර මතුව ඇති තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ මීට පෙර නිවසක සිටින එක් අයකු ආසාදිත වුව ද ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් ආසාදිත වීමේ සම්භාවිතාව ඉතා අඩුඅගයක් ගත්ත ද දැන් යමකු ආසාදිත වූ වට ඔවුන්ගේ පවුල්වල සියලු සාමාජිකයන් සහ ඇසුරුකළ සියලු දෙනා ආසාදිතවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීමයි.

මේ කරුණු පැහැදිළි කරමින් ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා දැඩි අවදානම් තත්ත්වයක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!