-4.8 C
New York

ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

Published:

අතිශය දරුණු කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු පවසන්නේ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසකින් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 68 දෙනකු පිළිබඳ තොරතුරු තහවුරු වූ බවයි.  

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව,  කෝට්ටේ, රත්මලාන, අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මිගමුව ප්‍රදේශ වලින් ද ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් වාර්තා වී ඇත. එමෙන්ම  කළුතර, ගාල්ල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ද ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් කිහිප දෙනකු වාර්තා වී තිබේ.

” දැනට වාර්තා වෙලා තියෙන ඩෙල්ටා ආසාදිතයින් ගණන 68යි. ඔවුන් වාර්තාවන්නේ කරන ලද පර්යේෂණ ප්‍රමාණය අනුව. නමුත් මීට‍ වඩා ආසාදිතයින් ඉන්න හැකියාව තියෙනවා. සංඛ්‍යාත්මකව පෙනෙන දේට වඩා තත්ත්වය වෙනස්. ඒ නිසා සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. වෛරසයට නිරාවරණය නොවී ඉන්න” විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img