-5.9 C
New York

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට

Published:

බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි.

නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ පසුවන ගැහැනු දරුවන් දෙදෙනකු ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. පරීක්ෂණවල දී අනාවරණය වූ තොරතුරු අනුව අපයෝජනය සිදුකළ බවට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් එම දෙදෙනා වයස අවුරුදු 15ක් සහ 16ක් වූ පිරිම ළමයින් බවත් තහවුරු වී ඇත.

නාඋල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකරුවන් දෙදෙනා නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපයෝජනයට ලක්වූ දැරියන් දෙදෙනා  සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට ද නියමිතය.

Related articles

Recent articles

spot_img