-5.9 C
New York

තරුණියකට අතවර කළැයි රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට

Published:

පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට අනාවරණය වූ තොරතුරක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ රිෂාඩ් බදුයිදීන් 2015 සිට 2019 දක්වා පදිංචිව සිටි නිල නිවසේ සේවය කළ 22 හැවිරිදි තරුණියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

අමාත්‍යවරයාගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර එම නිවසේ සේවය කළබව කියන 22 හැවිරිදි සහ 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

22 හැවිරිදි තරුණිය පවසා ඇත්තේ අමාත්‍ය වරයාගේ නිල නිවසේ සේවය කරමින් සිටිය දී සැකකරු විසින් දෙවරක් ම තමන්ට අතවර කළ බවයි.

මෙම කාන්තාවන් දෙදෙනා ද හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවය සඳහා සම්බන්ධ කර දී ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන ඩයගම පදිංචි තැරැව්කරුවා විසින් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

spot_img