-5.9 C
New York

රජයේ කැබ් රථයකින් දඩයමේ ගිය තිදෙනකු අත්අඩංගුවට

Published:

රජයේ අමාත්‍යාංශයක කැබ් රථයකින් ගිනි අවි සහ තියුණු ආයුධ රැගෙන දඩ‍යමේ ගොස් සිටි තිදෙනකු තබ්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දි අත්අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

කරුවලගස්වැව වනජීවී කාර්යාලය මෙම මෙහෙයුම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් කැබ් රථය දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් බව තහවුරු වී ඇැත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු සමඟ  කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙකි.

ඔවුන් සන්තකයේ තිබී බලපත්‍ර සහිත පිස්තෝලයක් හා එයට යොදන උණ්ඩ  9ක් හා උණ්ඩ බහාලුම් දෙකක්, බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා පතොරම් 4 ක් හිස්කොපු තුනක් සමග දඩයමට භාවිතා කළ විදුලි පන්දමක් තියුණු පිහියක්  තිත් මුව ලෝම් ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමානයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අත් අඩංගුවට ගත් බව වනජීවි නිළධාරිහු  කියති.

අත්අඩංගුවට ගත් කරුවලගස්වැව පදිංචි සැකකරුගේ නිවසේ තිබි වියළි මස් ග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.

Related articles

Recent articles

spot_img