-5.9 C
New York

බදුල්ලේ දැරියකට අතවර කළ තරුණයකු රිමාන්ඩ්

Published:

බදුල්ලේ, හිරිතලයාය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක අතවරයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ නියෝග කළේය.

මෙම සැකකරු සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අභ්‍යාසලාභී පුහුණු නිලධාරියෙකි. ඔහු එම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවත් බදුල්ලේ පිහිටි නිවාඩු නිකේතනයකට දැරිය සමඟ ගොස් ඇයට මත්පැන් පානය කිරීමට සළස්වා අස්වාභාවික ලෙස අතවර කර ඇති බවත් පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලදී.

දැරියගේ අස්වාභාවික හැසිරීම පිළිබඳ සැක සිතූ මව විසින් කර ලද ප්‍රශ්න කිරීමක දී මෙම තොරතුරු පළමුව අනාවරණය වී ඇත.

Related articles

Recent articles

spot_img