-2.1 C
New York

ගාල්ල කොටුවට මහ පිරිස් එති. නිරෝධායන නීති නෑ

Published:

ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) නිරෝධායන නීති නොතකමින් විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී ගාල්ල කොටුව බොහෝ සවස් කාලයන් හි පාළුවට ගොස් තිබුණ ද අද (21) නිවාඩු දිනයක් වීම හේතුවෙන් අති විශාල පිරිසක් ‌ගාලු කොටුවට පැමිණ සිටියහ.

රජය විසින් උද්‍යාන, එළිමහන් ස්ථාන, ව්‍යායාම ස්ථාන සහ ඇවිදින මංතීරු විවෘත කර ඇතත් ඒවා පරිහරණය කිරීමේ දී සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස දැනුම් දී තිබිණි.

එසේ වුව ද ගාල්ල කොටුවේ අද එවැනි දුරස්ථභාවයක් දක්නට තිබුණේ නැත. මුඛ ආවරණ පවා නොමැති සිය ගණනක් එහි සිටුන අපට නිරීක්ෂණය කළ හැකිවිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ස්ථාන කිහිපයකින් ම කොරෝනා පොකුරු මතු වී ඇති අතර පසුගිය දින කිහිපයක දී ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 200කට වැඩි පිරිසක් දෛනිකව වාර්තා වී තිබිණි.

Related articles

Recent articles

spot_img