-4.8 C
New York

මළ ගෙදරකින් කොරෝනා පොකුරක්

Published:

පයාගල හොරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වූ 48 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඔවුන් වාර්තාවී ඇත්තේ හොරගස්කැලේ, මැන්ඩෝරාවත්ත සහ එරියකන්ද ප්‍රදේශවලිනි. මරණයේ අවසන් කටයුතු සිදුකළ දිනට පසු දින එම නිවැසි කාන්තාවකට කොරෝනා ආසාදිත බවත තහවුරු වීමෙන් පසු මෙම ආසාදිතයන් පිරිස හමු වී තිබේ.

ඒ අනුව ජූලි 18 වැනි දා 140ක පමණ පිරිසකට කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙලෙස ආසාදිතයන් හඳුනාගෙන ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ අවමංගල්‍යය සඳහා සහභාගී වූ තවත් පිරිස් සහ ආශ්‍රිතයන් සොයා මෙහෙයුමක් සිදුකරන බවයි.

Related articles

Recent articles

spot_img