-4.8 C
New York

“කොරෝනා හතරවැනි රැල්ල අත ළඟම යැයි” වෛද්‍යවරු කියති

Published:

ශ්‍රී ලංකාව තවත් කොරෝනා රැල්ලක් ආරම්භයට ළඟාවෙමින් සිටනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නේ සංචරණ සීමා පනවා තිබුණ ද ආසාදිතයන්ගේ අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණු බවයි. ඇය පවසන්නේ මැයි මාසයේ සංචරණ සීමා පනවා තිබිය දී පාලනය කළ හැකි තරමට රෝගීන් අඩු වීමක් දක්නට ලැබුණ ද එය විශාල අඩුවීමක් නොවන බවයි.

“මේ තත්ත්වයට සංචරණ සීමාවල තිබූ අඩු ලුහුඩුකම් හේතුවුණා. සංචරණ සීමා පවතින කාලයේ දී මේ රටට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයත් ඇතුළු වුණා. අපේ රෝහල් පද්ධතියෙන් අපට ලැබෙන දත්ත අනුව පෙනී යන්නේ අපි ඉතාමත් ඉක්මණින් කොරෝනා හතරවැනි රැල්ලට ළඟා වෙමින් සිටින බව. එන්නත් කරණය කළ යුතුයි. නමුත් එන්නත් කරණ කළා කියලා ඒ ගැන පමණක් අපි බලාපොරොත්තු තියාගෙන සෞඛ්‍ය නීති අනුගමනය නොකර ඉන්නවා නම් ඒක මිත්‍යාවක් විතරයි. එන්නත් කළාම හැමදේම හරි රට වෙනදා වගේ සාමාන්‍ය විදියට පවත්වාගෙන යන්න පුපළුවන් කියලා හිතන්න අපිට බැහැ.”

Related articles

Recent articles

spot_img