-5.9 C
New York

කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ දෙවැනි තැන ගාල්ලට. පැය 24 දී 200 ඉක්මවයි

Published:

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද වාර්තා අනුව අද (20) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 213 දෙනකු වාර්තා වී තිබේ.

ආසාදිතයන් වාර්තාවීම වැඩිම දිස්ත්‍රික්ක අතරින් දෙවැනි තැනට ගාල්ලට හිමිවන අතර වැඩිම ආසාදිතයන් වාර්තා වන කළුතර දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 217කි.

එම කාලය තුළ සමස්ත දිවයිනෙන් ම වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1,487කි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් 14.59% කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් 14.39% වාර්තා වී තිබේ. ‍

ආසාදිතයන් වාර්තාවීමේ තුන්වැනි තැන කොළඹ දිස්ත්‍රික්කයට හිමිව ඇත්තේ ආසාදිතයන් 164 දෙනකු වාර්තා වීමෙනි. බදුල්ල දිස්ත්‍රික්කය ආසාදිතයන් 126 දෙනකු වාර්තාවීම හේතුවෙන් එම ලේඛනයේ 04 වැනි ස්ථානයට පත්ව ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 102කි.

Related articles

Recent articles

spot_img