-5.9 C
New York

ගුරු වර්ජනය දිගටම. තවත් විරෝධතාවකටත් සූදානමක්

Published:

ගුරු වෘත්තියේ ඇති ගැටලු විසඳාගැනීම සම්බන්ධයේන අද (20) අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කීවේය.

මේ හේතුවෙන් දැනට ක්‍රියාත්මක කර ඇති ගුරු වර්ජනය දිගටම පවත්වාගෙන යන බවත් 22 දා කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවත් ඔහු පවසයි.

ගුරුවරුන්ට දැනට ඇති වැටුප් විෂමතා විසඳීමේ යෝජනාවක් ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරයා පොරොන්දු වුණා. නමුත් අපිට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැරීමට අපේ සූදානමක් නැහැ.”

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු ‍ සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු ගුරු හා විදුහල්පති සංගම් නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Related articles

Recent articles

spot_img