-2.1 C
New York

කතරගම කොරෝනා. නගරයේ කොටසක් ඇතුළු ගම් කිහිපයක් හුදකලා කරයි

Published:

කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් කතරගම වල්ලිමාතාගම, ඩිපෝව පාර, කන්දපාර සහ කතරගම නගරය ද අයත්වන දෙටගමුව සීමාව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20) සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඊයේ දිනයේ පමණක් කොරෝනා ආසාදිතයන් 26 දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් 10 දෙනකු පෙරහැරට සම්බන්ධ වූ අය බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී අයි.එස්.දේවනාරායන කීවාය.

පෙරහැර ආරම්භ වූ පසුගිය 10 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිතයන් 8කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

කතරගම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ නිවසේ සිට පයින් ගොස් පෙරහැර නැරඹීමට තමන්ට අවසර නැතත් කොළඹ ඇතුළු පිටපළාත්වලින් සුපිරි වාහනවලින් පැමිණෙන දහස් ගණනක් පෙරහැර නරඹන බවයි.

කෙසේ වෙතත් කොළඹ ඇතුළු ප්‍රදේශවලින් කතරගමට ගොස් ඔවුන් තාවකාලිකව නතර වී සිටි නවාතැන් ස්ථානවලින් ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

Related articles

Recent articles

spot_img