කතරගම දේවාලයේ පෙරහැර නැරඹීමට කතරගම ප්‍රදේශවාසී ජනතාවට අවසරයක් නැතත් දකුණෙන්, බස්නාහිරින්, සබරගමුවෙන් සුපිරිි වාහනවලින් පැමිණෙන දහස් ගණනකට පෙරහැර නැරඹීමට අවසර ලබා දීම පිළිකුල් සහගත බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ඔවුන් පවසන්නේ දේවාලය ආසන්නයේ පදිංචි ජනතාවට පා ගමනින් හෝ ගමන්කිරීමට ඉඩ නොදෙන ආරක්ෂක අංශ දුර බැහැරින් පැමිණෙන සුඛෝපභෝගී වාහනවලට පූජාභූමි සීමාවට ම පිවිස දිනපතා පෙරහැර නැරඹීමට අවස්ථාව ලබාදෙන බවයි.
පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී මේ අයුරින් පිට පළාත්වල සිට වාහන ඇතුළු කරන්නේ කෙලෙසදැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිති.
මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මෙසේ පවසයි
අපි කිසිම පිටස්තර පුද්ගලයන්ට කතරගම පෙරහර බලන්න ආරාධානා කර නැහැ.කොළඹ සිට ආ වාහන කතගරම පූජා භූමියේ ඇත්නම් මට දන්වන්න. ඇතැම් විට පෙරහරේ කොටස් බාරව සිටින කොළඹ නිලධාරින් පැමිණ සිටියා ද දන්නේ නැහැ. කතරගම ජනතාවට අසාධාරණයක් වෙන්න ඉඩ තබන්නේ නැහැ”