-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ ඒකක 8,000 ඉක්මවා ස්ථාවර වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ අද (19) දිනයේ සමස්ත මිල දර්ශකය සීඝ්‍ර ලෙස ඉහළට ගිය අතර ඒකක 8,000ක ඉක්මවමින් දිනය අවසානයේ 8,022ක් බවට ස්ථාවර විය.

දිනයේ සමස්ත කොටස් මිල දර්ශක ඒකක 55.6කින් ඉහළ ගිය අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 6.22කි. දිනයේ මෙවැනි විශාල පිරිවැටුමක් සඳහා වැඩිම දායකත්වය ලබාදුන් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2503යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 629යි, LOLC සමාගම රුපියල් මිලියන 447ක් ලෙස ප්‍රමුඛ විය.

දිනයේ සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා, ඩිප් ප්‍රඩක්ට් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම් මූලික විය.

විදේශ ආයෝජකයන්ගේ සම්පූර්ණ මිල දී ගැනීම් රුපියල් මිලියන 14ක් වූ අතර සම්පූර්ණ විකිණීම් රුපියල් මිලියන 1022ක් විය. ඒ අනුව සමස්ත ගනුදෙනු අවසානයේ විදෙස් ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 1007ක කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශිකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 526යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 335යි, ටේක්ටර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 52යි වශයෙන් ප්‍රධාන විය. ඔවුන් කොටස් මිල දී ගත් සමාගම් අතර එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 02යි, LOLC Finance  සමාගම රුපියල් මිලියන 1.6යි, වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.2ක් වශයෙන් කැපී පෙණිනි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කෙරෙහි දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වී ඇති අතර බදු සංශෝධන පනත් හේතුවෙන් විදේශයන්හි පවතින විශාල මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය වේයැයි යන විශ්වාසය, ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඉහළ යාම, ස්ථාවර තැන්පතු සඳහා මූල්‍ය ආයතන විසින් ගෙවනු ලබන පොළී අඩුවීම, සීඝ්‍ර එන්නත්කරණයත් සමඟ ජන ජීවිතය සාමාන්‍ය බවට පත්වනු ඇතැයි විශ්වාසය, භාණ්ඩ හා සේවා අපනයනයෙන් වැඩි ආදායම් ලැබීම යන සාධක මත කොළඹ කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

Related articles

Recent articles

spot_img