-5.9 C
New York

නිරෝධායන නීති කඩමින් කැබිලිත්තට මහ සෙනඟක්

Published:

නිරෝධායන නීති නොතකමින් කැබිලිත්ත දේවාලයට මහ පිරිස් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. ඔවුන් මුඛ ආවරණ පළදින ආකාරයක් ද පෙනෙන්නට නැත.

කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර බැලීමට සාමාන්‍ය ජනතාවට අවසර නොලැබෙන බැවින් සම්ප්‍රදායිකව කතරගම වන්දනාවේ පැමිණෙන පිරිස් මෙලෙස යාල අංක 02 කලාපයේ පිහිටි කැබිලිත්ත සියඹලා දේවාලයට යන බව වාර්තා වෙයි.

වන මැදින් වැටී ඇති මාර්ගයේ ඔවුහු ජීප් රථ ට්‍රැක්ටර් භාවිතා කරමින් මෙලෙස ගමන් කරන අතර දිනකට ට්‍රැක්ටර් 100ක් පමණ සහ ජීප් රථ 200කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට පැමිණෙන බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img