-5.9 C
New York

ඩෙල්ටා රටපුරාම පැතිර යනු ඇතැයි චන්න ජයසුමන කියයි

Published:

වේගවත් පැතිරීමක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට සුලභ ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

“මුළු ලෝකයේ ම ප්‍රධාන කොරෝනා ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්වෙමින් තිබෙනවා. අපිට විතරක් එයින් ගැලවෙන්න හැකියාවක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. අපි දැනට ලබාදෙන සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනිකා, එස්-පුට්නික්, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් සියලලේම ඩෙල්ටා ප්‍රභේදයට විශේෂ රැකවරණයක් තියෙනවා කියා පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. එම එන්නත් ගත් අයට ආසාදනය වුණත් ඇතිවන බලපෑම හානිකර නැහැ. ඒ නිසා එන්නත්කරණය ඉතාමත් වැදගත් වෙනවා. දකුණු ඇමෙරිකාවේ පේරු රට කේන්ද්‍ර කරගෙන ඇති වූ ලැම්ඩා ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරෙමින් තිබෙනවා. ඇමෙරිකාවේ කැලි‍ෆෝනියා ප්‍රාන්තයේ පටන්ගත් එප්ස්සයිලන් නමින් හඳුන්වන තවත් ප්‍රභේදයක් පැතිරෙනවා. මේ සියල්ල ගැන අපි අවාදනයෙන් ඉන්නවා. දැනටමත් අපේ රටෙන් ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් වාර්තා වී තිබෙන නිසා එහි පැතිරීම සිදු වේවි.”

Related articles

Recent articles

spot_img