-2.1 C
New York

ඇලහැර ලොකු ලූනු ගොවීන්ට රසායනික පොහොර ලැබෙයි

Published:

‍යල කන්නයේ ලොකු ලූනු වගාකළ ඇලහැර, බකමූණ ප්‍රදේශයට අද (17) අත්‍යාවශ්‍ය රසායනික පොහොර තොගයක් ලැබුණු බව ගොවීහු කියති.

ජයසිරිපුර, ගඟේයාය, නිකපිටිය, සරුබිම, බටුහේන ගම්මානවල ගොවීන්ගෙන් 70%ක් පමණ මෙවර වගා කර තිබුණේ ලොකු ලූනු සහ අතිරේක බෝග වර්ගයි. නමුත් රජය රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමත් සමඟ ඔවුන් අමාරුවේ වැටී තිබිණි.

මේ හේතුවෙන් සති කිහිපයක් ම ගොවීහු දිගින් දිගටම විරෝධතා දැක්වූහ. ඔවුන් පවසන්නේ ලොකු ලූනු වගාවට අත්‍යාවශ්‍ය පොටෑසියම් නොමැතිව ඔවුන්ගේ වගා විනාශවන තත්ත්වයට පත්ව තිබිණි.

අද (17) ලොකු ලූනු ගොවීන්ට පොටෑසියම් පොහොර (අල හා එළවලු පොහොර) මිටි 600ක් ලැබී තිබිණි.

ගොවීන් පවසන්නේ මෙය තමන්ට විශාල අස්වැසිල්ලක් බවයි. මෙම පොහොර නොලැබුණා නම් වගා විනාශවන බව ද ඔවුහු කියති.

(රුමේෂ් මධුශංක)

Related articles

Recent articles

spot_img