ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගත්කතුවර ක්‍රිෂ්ණ විජේබණ්ඩාර අද (17) සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
පාරිසරික ගැටලු සහ වසවිස ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අභීතව සිය ලේඛන කාර්යයේ නිරත වූ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර සිය මාධ්‍ය දිවියට අත්පොත් තැබුවේ කිරිඇල්ල වාර්තාකරු ලෙස ලේක්හවුස් ආයතනයෙනි.
ඉන්පසු ලංකාදීප, ලක්බිම, ඉරුදින, සතිඅග අරුණ වැනි පුවත්පත්වල සේවය කළ ඔහු පසුගිය කාලයේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටියේය. සති කිහිපයකට පෙර රෝගාතුරවන විට ක්‍රිෂ්ණ පර්යේෂණ මෙරට සාහිත්‍ය, සංස්කෘතිය, ඉතිහාසය හා ජන වහර පිළිබඳ පර්යේෂණ කෘති ගණනාවක් සම්පාදනය කිරීමේ භාරධූර කර්තව්‍යයක යෙදී සිටියේය.
ලක්බිම පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස දීර්ඝකාලයක් කටයුතු කළ ක්‍රිෂ්ණ මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසකගේ ගුරුවරයකු ද වූයේය.
මෙරට මාධ්‍යයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදයට ලැබෙන ඉඩ ප්‍රමාණවත් නැතැයි ද සත්‍යවාදී මාධ්‍යවේදියකුට සම්ප්‍රදායික මාධ්‍යයේ තවදුරටත් කටයුතු කිරීම අපහසු යැයි ද තරයේ විශ්වාස කළ ක්‍රිෂ්ණ “වලස්පති” නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යමින් තම මාධ්‍ය කර්තව්‍යය ඉදිරියටම පවත්වාගෙන ගියේය.
ගාල්ල, මැදකීඹිය, මගමුලන ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිෂ්ණ විජේබණ්ඩාර වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පී.එච්.කේ. පද්මලතා සමඟ විවාහ වී සිටියේය. ඔහුට එක් පුතකු සිටියි.
සති කිහිපයක් රෝගාතුරව ශල්‍ය කර්මයක් ද සිදුකර කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැත.