-4.8 C
New York

ගාල්ල, කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහියකින් දරුවන්ට මාරාන්තික රෝගයක්

Published:

කොරෝනා සෑදීමෙන් පසු ඇතිවන බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හඳුන්වන රෝගයට ගොදුරු වූ දරුවන් 34 දෙනකු කොළඹ, ගාල්ල මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකින් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙතෙක් එවැනි දරුවන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙනි. එම සංඛ්‍යාව 21 දෙනෙකි. ඉන් 05 දෙනකු තවමත් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත පවසන්නේ මෙම රෝගය කොරෝනා හා සෘජුව සම්බන්ධ බවයි. කොරෝනා සෑදී සති දෙකක් හෝ හයත් අතර කාලයක දී මේ රෝගය එම දරුවන්ට වැළඳිය හැකි බව ද ‍වෛද්‍ය කිතුල්වත්ත කීවේය. මෙය ලෝකයේ අලුතින් එකතු වූ රෝගයක් බව ද හෙතෙම පවසයි.

උදරයේ වේදනාව, සමේ දද ඇතිවීම, පාචනය, ඇස් රතුවීම මෙම රෝග තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණ වෙයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දරුවන් 21ක්, කරාපිටිය ශික්ෂණ රෝහලෙන් දරුවන් 06ක්, මහනුවර ජාතික රෝහලෙන් දරුවන් 04ක්, යාපනය, දියතලාව, කුරුණෑගල සහ බදුල්ල රෝහල්වලින් ද දරුවකු බැගින් මෙම රෝගයට ගොදුරුවී සිටිය දී හමුවී සිටිති.

වෛද්‍යවරු පවසන්නේ මෙම රෝගී තත්ත්වය මාරාන්තික විය හැකි බවයි.

Related articles

Recent articles

spot_img