spot_img
spot_imgspot_img

ගුරු ගැටලුවලට විසඳුම් දෙනතුරු Online නෑ

පුවත්

විදෙස්

Online ඉගැන්වීම්වලින් ඉවත්වී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන්නේ තම ගැටලුවලට නිශ්චිත විසඳීමක් ලැබෙන්නේ නම් පමණක් බව ලංකා ගුරු සංගම් පවසයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ රජය ගුරුවරුන් ඉදිරිපත් කර ඇති ගැටලු විසඳීමට කටයුතුකරන තුරු Online ඉගැන්වීම් සිදු නොකරන බව කියා සිටියේය

ඒ අනුව ගුරු සංගම් 14ක් පසුගිය 12 වනදා සිට Online ඉගැන්වීම්වලින් ඉවත්වෙමින් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

‍පාර්ලිමේන්තු වටරවුම අසළ දී කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්කර සිටි‍ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස මුදා ඊයේ සවස හැර තිබිණි.

වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට ලක්කර වෘත්තිය සමිති මර්ධනය කිරීමට එරෙහිව සහ වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය අරම්භ කර තිබුණි.

කෙසේවෙතත් ගුරු සංගම් සඳහන් කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!