-5.9 C
New York

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ පනත වෙනස් කරන බව ජනපති කියයි

Published:

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙනඒමට කටයුතු කරන බව ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (16) බෞද්ධ උපදේශක සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී ඇත්තේ තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමිවන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියකින් යුතු විශ්වවිද්‍යාල රටතුළ බිහිවීමේ අවශ්‍යතාවක් ඇති බවයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක් පුරා විද්වතුන් විශාල පිරිසක් රටට දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත්වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා ඉල්ලුම් කිරීමට දැඩි උනන්දුවක් දක්වන බවත් ජනාධිපතිවරයා එහි දී පවසා තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුම්වත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ඇතැයි බෞද්ධ උපදේශක සභාව එහි දී පෙන්වා දී තිබේ.

Related articles

Recent articles

spot_img