-5.9 C
New York

කොළඹ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් ?

Published:

කොළඹ මහ නගර සභා සීමාවෙන් ඊයේ (15) දිනයේ දි කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් 11 දෙනකු හඳුනාගෙන ඇතැයි මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.

අද (16) වෛද්‍යවරයා මේ බව කියා සිටියේය. කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ වැඩ බිමකින් හමුවූ ආසාදිතයන් 05 දෙනකු කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ බව හඳුනාගෙන ඇති බවත් දෙදෙනකු දෙමටගොඩින් වාර්තා වී ඇති බවත් හෙතෙම පවසයි. වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර සිටින බවයි.

කෙසේ වෙතත් වෛද්‍යවරයා පවසන්නේ එක් රෝගියකු ආසාදිත බව හඳුනාගන්නා විට ඔහුගේ ආශ්‍රිතන් 10 දෙනකු පමණ අවම වශයෙන් ආසාදනය වී සිටින බවයි. එබැවින් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත තවත් පිරිසක් සිටිය හැකි බව ද ව්‍යෛ විජේමුණි පෙන්වාදුන්නේය.

එබැවින් නිරෝධායනය අත්‍යාවශ්‍ය බවත් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බැවින් එය වළක්වාගැනීමට සියලු දෙනා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත් වෛද්‍යවරයා කීවේය.

Related articles

Recent articles

spot_img