-4.8 C
New York

නාවලපිටියේ 13 වියැති දැරිය තමන් අතවරයට ලක්වූ ස්ථාන පොලිසියට පෙන්වයි

Published:

නාවලපිටියේ පදිංචි 13 හැවිරිදි පාසල් දැරිය අද (16) පොලිසිය සමඟ ගොස් තමන්ව පුද්ගලයන් 10 දෙනකු විසින් අතවරයට ලක්කළ ස්ථානය පෙන්වූ බව පොලිසිය පවසයි.

නාවලපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ ගම්පොළ පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර දැරිය විසින් පෙන්වා ඇත්තේ ඇය පදිංචි නිවස ආසන්න ස්ථානයකි. පොලිසිය පවසන්නේ දැරිය විසින් පෙන්වූ ස්ථානය ඇගේ නිවස ආසන්නයේ පිහිටා ඇති බවයි.

එම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගයන් 04 දෙනකු පිළිබඳ තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

දැරිය අපයෝජනය කළ බව කියන ඇයගේ පියා, දැරියගේ පෙම්වතා බව පවසන 32 හැවිරිදි පුද්ගලයකු ඇතුළු 04 දෙනෙකු නාවලපිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related articles

Recent articles

spot_img