-2.1 C
New York

හොරකමේ ගිය පාසල් සිසුන් තිදෙනෙක් ඔවුන්ගේම අසැබි දර්ශන පටිගත කරලා

Published:

සැකපිට අත්අඩංගුවට ගත් පාසල්වියේ පසුවන සිසුන් තිදෙනකු සොරකම් රැසකට සම්බන්ධ බවත් ඔවුන්ගේ පරිගණක තුළ තිබි ඔවුන්ගේ ම අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පටිගත කිරීම් සොයාගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ අධ්‍යාපන කලාපයේ ප්‍රසිද්ධ පාසල් තුනක සිසුන් තිදෙනෙකි.

පොලිසිය පවසන්නේ එම සිසුන් තිදෙනා 16 හැවිරිදි වියේ පසුවන බවයි. ඊයේ (15) රාත්‍රී පොලිසිය කරන ලද මෙහෙයුමක දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම සිසුන් තිදෙනා පරීක්ෂා කර තිබේ. එම අවස්ථාවේ ඔවුන් සන්තකයේ අත්පොරවක් සහ සැකසහිත හිස්වැසුමක් තිබූ බැවින් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.

මෙහි දී අනාවරණය වී ඇත්තේ ඔවුන් හොරණ, ඉංගිරිය, අඟුරුවාතොට ප්‍රදේශවල වෙළෙඳ සැල් 08ක් බිඳ රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු භාණ්ඩ සොරාගෙන ඇති බවයි.

මෙම සිසුන් තිදෙනා දොඹගොඩ, බටගොඩ යන ප්‍රදේශවල පදිංචි බව අනාවරණය වී තිබේ.

සිසුන් සොරකම් කරන ලද පරිගණකයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී ඔවුන් විසින් පටිගතකරණ ලද ඔවුන්ගේම අසභ්‍ය දර්ශන රැසක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img