-5.9 C
New York

රිෂාඩ්ගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයයි

Published:

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී සිරුරට ගිනි ඇවිළී පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් අද (15) මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඉදිරියේ දැනුම් දුන්නේය.

මෙලෙස මියගොස් ඇත්තේ ඩයගම ප්‍රදේශයේ පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි දැරියකි.

ඇය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසක සේවය කරමින් සිටිය දී පසුගිය 03 වැනි දා සිරුරට ගිනි ඇවිලීමෙන් රෝහල්ගත කර සිටියාය. කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (15) මියගියාය.

පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු දැරියගේ මළ සිරුර සහ අනතුරට සිදුවූ බව කියන නිවස පරීක්ෂාකළ මහේස්ත්‍රාත්වරිය එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස අධිකරණ වෛද්‍ය ඒකකයට නියෝග කළාය.

වයස අවුරුදු 18 දක්වා දරුවන් බාල වයස්කාර දරුවන් ලෙස සැළකුව ද රැකියා කළ හැකි වයස ලෙස සළකන ලද්දේ වයස අවුරුදු 14 ඉක්මවා තිබීමය. නමුත් එය 2021 පෙබරවාරි මාසයේ සිට වයස අවුරුදු 16 දක්වා දීර්ඝ කරන බව කම්කරු කොමසාරිස්ස කාර්යාලය නිවේදනය කර තිබිණි.

Related articles

Recent articles

spot_img