-5.9 C
New York

එන්නත්කරණය සම්පූර්ණ කළ විදෙස් සංචාරකයන්ට රටම විවෘතයි

Published:

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයන් සඳහා කරනු ලබන PCR පරීක්ෂණයකින් ඔවුන් ආසාදිත නොවන්නේ යැයි තහවරු වන්නේ නම් මෙරට ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට අවසර හිමිවන බව සංචාරක මණ්ඩලය පවසයි.

සංචාරක මණ්ඩලයේ උපදේශක නිමේෂ් හේරත් පවසන්නේ කෙසේ වෙතත් දින 07කට පසුව ඔවුන් PCR පරීක්ෂණයකට මුහුණ දිය යුතු බවයි.

“කො‍රෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයෙකු දින 14කට පසු සංචාරය කරනවා නම් එයාලා කිසිම නිරෝධායන ක්‍රියාවලියකට ලක්වෙන්නේ නෑ. ඒ අය ආවට පස්සේ කරන PCR එකෙන් නෙගටිව් නම් ඕනෑම තැනක සංචාරය කරන්න අවසල ලබාදෙනවා. ඒ වගේ ම ඔවුන්ට ඕනෑම හෝටලයට කාමරයක සිටිමේ අවසරය දීලා තියෙනවා. එයාලා ලංකාවට ආවට පසු හත්වැනි දවසේ අනුමත කරන ලැබ් එකකින් තව PCR එකක් කරලා [email protected] කියන ඊමේල් එකට යොමු කරන්න ඕනේ.”

Related articles

Recent articles

spot_img