-2.5 C
New York

කොළඹ වරායට ආ රසායනික පොහොර නැවක් රේගු භාරයට ගනී

Published:

රසායනික පො‍හොර තොගයක් සමඟ කොළඹ වරායට පැමිණි නැවක් රේගුව භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා පවසයි.

මෙලෙස රේගු භාරයට ගෙන ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 9,795ක් සහිත නෞකාවකි. නැව ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ ඇත. පසුගිය මැයි 06 වැනි දා සිට රසායනික පොහොර ආනයනය කිරීම මෙරට තහනම් කෙරිණි.

මෙම නෞකාවට එම පොහොර තොගය පටවනු ලැබුවේ එලෙස රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට පෙර දී ද පසුව ද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ‍එතෙක් නැව තාවකාලිකව රේගුව භාරයට ගෙන ඇති බවත් රේගු අධ්‍යක්ෂ පවසයි.

Related articles

Recent articles

spot_img