-5.9 C
New York

විවාහ නීතියේ සංශෝධනයක් ?

Published:

නීත්‍යානුකූලව විවාහ වීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුයැයි යන නීතිය සංශෝධනය කර වයස අවුරුදු 16-18ත් අතර තැනැත්තන්ට විශේෂ අවස්ථාවක දී විවාහ වීමසට අවස්ථාව ලබාදීම කෙරෙහි අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

වත්මන් රජය බලයට පත්වන විට පෙරොන්දු වූයේ මෙරට විවාහ නීතිය සංශෝධනය කරන බවයි. එමෙන්ම ඒ සඳහා උපදේශක කමිටුවක් පත්කළ බව ද අධිකරණ අමාත්‍ය අලි සබ්රි කියා සිටියේය.

වයස අවුරුදු 16 ට අඩු ගැහැනු දරුවකු ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගැනීම අකමැත්තෙන් හෝ කැමැත්තෙන් සිදුවුව ද නීතිය හමුවේ ස්ත්‍රී දූෂණය නමැති වරදක් ලෙස දක්වා තිබිණි. එසේ වුව ද අවුරුදු 16 වැඩි නම් එම ආවරණය ලැබුණේ නැත. විවාහවීමේ සීමාව පැවතියේ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය යනුවෙනි.

එම නීතිමය හිඩැස ආවරණය සඳහා පවතින නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පවසයි.

හෙතෙම මෙසේ ද කීවේය.

18 ට අඩු 16ට වැඩි අයකු ලිංගික ක්‍රියාවක යෙදුණොත් විවාහ වීමට වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු සිටිය යුතු බැවින් මේ ගැන සළකා බලා දෙපාර්ශවයම කැමැත්තෙන් සිටින අවස්ථාවක දී ඒ ගැන සළකා බලා අපිට නීතිමය අවසරයක් දිය හැකි ද යන්න පිළිබඳ සාකච්ඡා කරබලා තීරණයක් ගන්නවා.

අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ මෙය බාල වයස්කාර විවාහ නීත්‍යානුකූල කිරීමක් නොව විශේෂ අවස්ථාවක දී ගැහැනු දරුවන් ආරක්ෂා කිරීමට ගන්නා පියවරක් බවයි.

Related articles

Recent articles

spot_img