-5.9 C
New York

මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨයන්ට හදිසි මාරුවීම්. මැතිවරණවලට සෘජු බලපෑමක් ?

Published:

මැතිවරණ මහලේකම් කාර්යාල‍යේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ස්ථානමාරුකර යැවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

එම කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ මැතිවරණන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු හෝ මැතිවරණ කොමිසම පත්කිරීමෙන් හෝ එකවර මෙතරම් විශාල පිරිසකට මාරුවීම් ලබාදීම බරපතල ප්‍රශ්නකාරී දෙයක් බවයි.

ටී. හෙන්ස්මන්, සුරංග රණසිංහ, නාලක රත්නායක, ධරණි වීරසේකර, දිලිප් ගම්ලත්, නාමල් තලංගම, රාජේන්ද්‍ර සසීලන්, තිලින වික්‍රමරත්න, ගයාන් පතිරණ, පරිපාලන නිලධාරී ජේ. යු ප්‍රියනාත්, ගණකාධිකාරි තිලක් කුමාර යන පිරිසට මෙලෙස මාරුවීම් ලැබී තිබේ.

තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකුට ඉදිරි දින කිහිපයේ දී මාරුවීම් ලැබීමට නියමිත බව ද තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.

කාර්යාල සේවකයන් චෝදනා කරන්නේ එක් ජෙෂ්ඨ නිලාධාරියකුගේ මැදිහත්වීමෙන් මේ මාරුවීම් සියල්ල ක්‍රියාත්මක වී ඇති බවයි.

සහිත මාණ්ඩලික නිලධාරීන් මෙසේ හදිසියේ වෙනස් කිරීම ඉදිරි මැතිවරණවල දී ගැටලු නිර්මාණය වීමට හේතුවක් වනු ඇතැයි මැතිවරණ නිරීක්ෂකයන්ගේ අදහස වී තිබේ.

කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ ස්ථාන මාරුවීම් සහ ඉවත් කිරීම්වලින් සිදුකළ විට සේවා අත්දැකීම් සහිත නිලධාරීන් දෙපාර්තමේන්තුව සහ කොමිසම සතුව ප්‍රමාණවත් තරම් නොමැති බවයි.

Related articles

Recent articles

spot_img