spot_img
spot_imgspot_img

හෝටල් සහ අපනයන සමාගම්වල කොටස් මිල ඉහළට

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 14.2කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7866ක් බවට පත්විය.

දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 2.3කි.

වැඩි වශයෙන් අද ගනුදෙනු වූ කොටස් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 358යි, පීපල්ස් ලීසි සමාගම රුපියල් මිලියන 239යි, හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 170යි ලෙස විශේෂයෙන් කැපී පෙණිනි.

අද දිනයේ විදේශ ආයෝජකයන්ගේ කෙටස් විකිණීම රුපියල් මිලියන 727ක් වූ අතර කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 76ක් පමණක් විය. ඒ අනුව සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 651ක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් වැඩි වශයෙන් කොටස් විකුණූ සමාගම් අතර පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 234යි, සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 94යි. සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 93යි වශයෙන් හැඳින්විය හැකියි. විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 14.5යි, ඇල්පිටිය ප්ලාන්ටේෂන් සමාගම රුපියල් මිලියන 8.6යි, මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 8.5ක් ලෙස ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඉතා ඉක්මණින් ඒකක 8,000 ඉක්මවනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අගෝස්තු මාසයේ ලැබීමට නියමිත ඩොලර් මිලියන 800ක ප්‍රදානය, ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සීඝ්‍රව සිදුකිරීම, සැප්තැම්බර් මාසයේ දී සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කළ හැකිවනු ඇතැයි විශ්වාසය සහ අපනයන සමාගම්වල වඩාත් ලාභ ඉපයීමේ හැකියාව හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ඉක්මන් වර්ධනයක් ලබාගනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළ කරති.

විදේශ ආයෝජකයන්ගේ කොටස් වැඩි වශයෙන් විකිණීම ප්‍රභල ගැටලුවක් වුව ද ආනයන ක්ෂේත්‍රය ආශ්‍රිතව ව්‍යාපාර සිදුකරන ලද බොහෝ ආයෝජකයන් තම මුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම හේතුවෙන් විදෙස් ආයෝජකයන්ගේ විකිණීම් මිල දී ගැනීම සාධනීය පියවරක් බව පෙනී යයි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!