කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ අනුව හුදකලා කර ඇති ප්‍රදේශ පහත දැක්වෙයි.
අම්පාර දිස්ත්‍රික්කය – කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ, පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසම
මහනුවර දිස්ත්‍රික්කය – මහනුවර පොලිස් බල ප්‍රදේශයේ,
සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ විහාර පටුමග, විහාර මාවත, කප්පර පල්ලිය පාර
සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ, නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්, පොල්වත්ත පාර කොටසක් , කෝවිල්වත්ත කොටස
කොළඹ දිස්ත්‍රික්කය – පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම
යාපනය දිස්ත්‍රික්කය – පේදුරුතුඩුව පොලිස් බල ප්‍රදේශයේ – වඩමාරච්චි උතුර පොලිස් බල ප්‍රදේශය