-5.9 C
New York

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කෝටි 16,000ක් ලැබෙන බව රජය කියයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් හෙවත් රුපියල් කෝටි 16,000ක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙරට ආර්ථික ශක්තිය වර්ධනය කරගැනීම සඳහා මෙම මුදල් ලැබෙන බවයි. එමෙන්ම එය ප්‍රදානයක් බවත් නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ලෝක කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට අමරිකානු ඩොලර් බිලියන 650 පිරිනැමීමට තීරණය කර ඇත.

ඉහත මුදල ශ්‍රී ලංකාවට ඉහත ලැබෙන්නේ එම වැඩපිළිවෙළ යටතේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මීට පෙර ලෝක ආර්ථික අවපාතයක් පැවැති අවස්ථාවක දී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට මෙවැනිම ප්‍රදානයක් කර ඇති එවර ඇමරිකානු ඩොලර් මිලියන 510 ක මුදලක් ලැබී තිබිණි.

Related articles

Recent articles

spot_img