-5.9 C
New York

බිරිඳගේ, 14 වියේ නැගණියට නිවසේ දී ම අතවර කළ අයෙක් රිමාන්ඩ්

Published:

තම බිරිඳගේ බාලවයස්කාර නැගණියට අතවර කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 23 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පදිංචි 37 හැවිරිදි අයෙකි. ඔහු සිය නිවසේ දී ම තම බිරිඳගේ බාල සොහොයුරියට අතවර කර ඇතැයි ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

අතවරයට ලක්වූ දැරිය 14 වැනි වියේ පසුවෙයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වයසේ පසුවන බාලවයස්කාර දැරියන් වැඩි කාලයක් නිවෙස්වල රැඳී සිටීම සහ ඔවුන්ගේ ඥාතීන් ද සංචරණ සීමා හේතුවෙන් නිවෙස්වල ම සිටීම නිසා ඥාතීන් අතින් අපයෝජනයට ලක්වීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තාවන බවයි.

මේ පිළිිබඳ සියලුම ගැහැනු මෙන්ම පිරිමි දරුවන් සිටින දෙමාපියන් ද වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු බව මහාචාර්ය විදානපතිරණ වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img