-5.9 C
New York

Online ඉගැන්වුම්වලින් ඉවත්වන බව ශ්‍රේණිධාරී විදුහල්පතිවරු කියති

Published:

ශ්‍රී ලංකාව පුරා සිටින 12,000කට අධික විදුහල්පති ශ්‍රේණිධාරීන් හෙට (12) සිට Online  ඉගැන්වීම් රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිතුත් කරමින් දැනුම් දෙයි

රජය විසින් අධ්‍යානය සම්බන්ධව කරගෙන යනු ලබන අදුරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔවුන් දන්වා සිටියි.

කොරෝනා මර්ධනය මුවා වී අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටි වෘත්තීය සමිති නායකයන්ට ප්‍රසිද්ධියේ ම විවිධ හිරිහැර කරමින් ඔවුන් හා ජනතාව බිය වැද්දීමට කටයුතු කිරීම ඇතුළු කරුණු 07ක් පදනම් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගම් ප්‍රකාශ කරයි.

වසර 24කට ආසන්න කාලයක් පවතින ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව නිරාකරණය නොකිරීම හා දිගින් දිගටම ඒ සම්බන්ධ බොරු පොරොන්දු ලබා දීම යන කරුණ හැර අනෙකුත් කරුණු 06 ම මෑත කාලීනව ඇතිවූ සිද්ධීන් බව ද ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව දන්වා සිටියි.

එම කරුණු 06 මෙලෙස දක්වා ඇත.

  1. අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටි වෘත්තීය සමිති නායකයන් කොරෝනා මර්ධනයට මුවා වී ප්‍රසිද්ධියේ ම විවිධ හිරිහැර කරමින් ඔවුන් හා ජනතාව බිය වැද්දීමට කටයුතු
  2. රජය Online අධ්‍යාපනය සඳහා කිසිදු පහසුකමක් ලබා නොදී අධීක්ෂණයට බලපෑම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම
  3. කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් හා වෙනත් අනියම් ක්‍රම මගින් සේවා ව්‍යවස්ථාවලට පටහැනිව ගුරු හා විදුහල්පති පත්වීම් ලබාදීමට කටයුතු කිරීම
  4. විදුහල්පතිවරුන්ගේ දිගුකාලීව පවතින ගැටලු විසඳීමෙන් වැළකී සමාන්තර හා වෙනත් සේවා සඳහා විවිධ වරප්‍රසාද ලබාදීම
  5. අධ්‍යාපනය වරප්‍රසාද ලත් පන්තියකට සීමා කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වැනි අණ පනත් හඳුන්වා දීම
  6. සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ ලබාදීමේ දී සිසුන්ට විවිධ අසාධාරණ කොන්දේසි ඉදිරිපත් කරමින් එම වරප්‍රසාද කප්පාදුකිරීමට උථ්සාහ දැරීම සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදුකරනු ලන විවිධ අසාධාරණකම්

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව හෙට (12) සිට සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන් රාජකාරී මට්ටමින් සම්බන්ධ වී සිටින whatsapp සමූහ ඇතුලු අනෙකුත් Online  සම්බන්ධතාවලින් ඉවත්ව සිටින බවත් ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය මෙහෙයවීම, අධීක්ෂණය හා නියාමන කටයුතුවලින් ඉවත්වන බවත් එම ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව දන්වා සිටියි.

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමේ දී වෘත්තීය සංගම් 09ක් ප්‍රධාන නිලධාරීන් අත්සන් තබා ඇත.

Related articles

Recent articles

spot_img