-4.8 C
New York

පොලිස් ලොක්කන් 230කට ASP තනතුරු දීමට සූදානමක්

Published:

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 230ක් සහකාර පොලිස් අධිකාරීවරු ලෙස උසස් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

2014 වර්ෂයෙන් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරීවරු ලෙස උස්කිරීම නිසි ‍වේලාවට සිදුව නැතැයි අනාවරණය වී තිබිණි.

පොලිසිය අමාත්‍යාංශයට දන්වා ඇත්තේ සහකාර පොලිස් අධිකාරී ධූර 87ක් සඳහා පුරප්පාඩු පවතින බව වුව ද අමාත්‍ය සරත් වීරසේකරගේ උපදෙස් මත කරන ලද සොයාබැලීමක දී පුරප්පාඩු 230ක් ඇති බව අනාවරණය වී තිබේ.

රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය වී තිබුණේ එම පුරප්පාඩුවලින් 70% සුදුසුකම් ඇති නිලධාරීන් උසස්කර පුරවා ඉතිරි පුරප්පාඩු සඳහා නව නිලධාරීන් බඳවා ගන්නා ලෙසයි. එසේ වුව ද කාලයක සිට නිසි පරිදි උසස්වීම් සිදුනොවීම සැළකිල්ලට ගනිමින් මේ පිළිබඳ රාජ්‍ය සේවා කොමිසම දැනුම්වත් කිරීමෙන් අනතුරුව දැනට පවතින සහකාර පොලිස් අධිකාරී ධූර 230ක පුරප්පාඩු සඳහා උසස්වීම් ලබාදීමට තීරණය කර තිබේ.

මෙම සහකාර පොලිස් අධිකාරීවරුන 230ට අමතරව තරඟ විභාගයකින් තවත් 46 දෙනකු බඳවා ගැනීමට ද තීරණය කර තිබේ.

Related articles

Recent articles

spot_img