තම නේවාසිකාගාරයේ දී ඇඳුම් මාරුකරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ගත් බව කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරිය රාගම රෝහලට අනුයුක්තව සේවය කරන්නියකි. ඇය රාත්‍රී 8.45ට පමණ සිය නේවාසිකාගාරයට පැමිණ ඇඳුම් මාරුකරමින් සිටිය දී වෛද්‍යවරයකු විසින් ඇගේ ඡායාරූප ගෙන තිබේ.
මෙලෙස ඡායාරූප ගත් බවට සැක වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.
මෙම සැකකාර වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන අයෙකි.