-2.1 C
New York

වරෙන්තු 17ක් නඩු 32ක් ඇති කතක් අත්අඩංගුවට

Published:

ජපානයේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම කාන්තාවට එරෙහිව අධිකරණවල නඩු 32ක් හා එම අධිකරණ මගින් නිකුත් කරන ලද විවෘත වරෙන්තු 17ක් ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 49ක් වූ දෙහිඕවිට පදිංචි කාන්තාවකි. ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය සන්තකයේ විදේශ ගමන් බලපත්‍ර 04ක් තිබී ඇත.

මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙළ අධිකරණයට කරුණු වාර්තාා කිරීමෙන් අනතුරුවය. ඊයේ (10) දහවල් නවගමුව, බටේවෙළ ප්‍රදේශයේ දී ඇය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අද (11) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img