-5.9 C
New York

“Online අධ්‍යාපනය” සඳුදා සිට නවත්වන බව ගුරුවරු කියති

Published:

ගුරුවරුන් ලබන සඳුදා (12) සිට සිසු දරුවන්ට Online අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

උද්ඝෝෂණයක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇප ලබාදීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශයක් නොමැතිව නිරෝධායනයට යොමුකර සිටින ගුරු සංගම් නියෝජිතයන් නිදහස් කරගැනීමේ අරමුණෙන් ගුරුවරු මෙම තිරණය ගෙන ඇත.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ වැඩිදුරටත් කියා සිටියේ ජය විසින් ගැටලුවලට විසඳුම් ලබාදෙනතුරු සඳුදා සිට Online ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවලින් ඉවත්වන බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අන්තර්ජලා පහසුකම් නොමැති ළමුන් සඳහා මධ්‍යස්ථාන ඇතිකිරීමේ ක්‍රියාදාමයෙන් සහ උසස් පෙළ අයදුම්පත්‍ර සැකසීමේ ක්‍රියාවලියෙන් ද ගුරුවරු ඉවත්වන බවයි.

Related articles

Recent articles

spot_img