ලෝකයේ සමුද්‍රාසන්නයේ පිහිටි විශාලතම බළකොටු අතරින් එකක් වීමත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් තුනක පාලකයන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලි තවමත් ඉතිරිව තිබීමත් හේතුවෙන් ගාල්ල කොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. එපමණක් නොව තවමත් මිනිසුන් පදිංචි වී සිටින හා සාමාන්‍ය එදිනෙදා කටයුතු සිදුකෙරෙන ලොව ඇති සජීවී ලෝක උරුම අතලොස්ස අතරින් ගාල්ල කොටුවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
මේ දිනවල ගාල්ල කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී.
පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතීන් විසින් කරන ලද ඉදිකිරීම් පිළිබඳවත් ඔවුන් ඒවා භාවිතා කළ ආකාරය පිළිබඳවත් නිශ්චිත අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් දීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම්කර තිබේ. සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමීව කොටුවේ සංවර්ධන කටයුතු ද සිදුකෙරෙයි.
ලෝක බැංකුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 6400ක සහන ණයක් යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් මෙම සංරක්ෂණ කටයුතු සිදුකරන අතර එයට සමගාමීව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද දායකත්වයෙන් පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ද සිදුවෙයි.
සංරක්ෂණ ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස වරලත් වාස්තුවිද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ කටයුතු කරයි.
කොටුවේ පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම ඉස්මතුවන ආකාරයෙන් සැලසුම්කර ඇති මේ ව්‍යාපෘතිය යටතේ සංචාරකයන්ට ගාලු කොටුවේ ඇති වැදගත් කම පෙන්වන විස්තර සහිත පුවරු සකසා ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.
එවැනි පුවරු සෑම මුර අට්ටාලක ම ප්‍රදර්ශනය කිරීමට ද සැළසුම් කර ඇත. එමෙන්ම කොටුව පුරා පහසුවෙන් ඇවිද යා හැකි පරිදි ඇවිදීමේ මං තීරු ද සකස් කරමින් පවතී.
ඉදිරියේ දී සංචාරකයන්ට කොටුවේ යුදමය හා ගෘහනිර්මාණ ශීල්පීය ලක්ෂණ පිළිබඳ වඩාත් අර්ථාන්විත ලෙස පෙන්වීමට කටයුතු කිරීම සඳහා මේ සියල්ල සිදුකරන බව ආචාර්ය නිලාන් කුරේ පවසයි.
කොටුව නරඹන සංචාරකයන්ගෙන් මුදල් අයකිරීමක් මෙතෙක් සිදුවන්නේ නොමැති නමුත් ව්‍යාපෘතිය අවසාන වීමෙන් පසු, තෝරාගත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා මුදල් අයකිරීමට ද සැලසුම්කර තිබේ. ගාල්ල කොටුව, රාත්‍රී කාලයේ විදුලියෙන් ආලෝකවත් කිරීමේ වැඩසටහනක් ද මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය අවසානයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.
මෙම විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කිහිපයක් පිළිබඳ කොටුවේ පදිංචි පිරිසකගෙන් පසුගිය දිනවල දැඩි විරෝධයක් එල්ලවීම හේතුවෙන් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මැදිහත් වී එලෙස ඉදිකර තිබූ කොටස් කිහිපයක් කඩා ඉවත් කෙරිණි. මේ පුවතට විශාල ප්‍රචාරයක් ද ලැබිණි.
කොටුවේ පදිංචිකරුවන් පවසන්නේ එක්තරා සමාගමක් පැමිණ ගාල්ලේ කොටුවට කිසිදු අයුරකින් ගැලපෙන්නේ නැති ඉදිකිරීම් රැසක් තැන තැන සිදුකළ බවයි. ඒ පිළිබඳ විමසීමේ දී ඒවා ඉදිකළේ විදුලි මීටර සවිකිරීමට යැයි පැවසූ බව ද ඔවුහු කියති.
ඉදිකිරීම් කරන කම්කරුවන්ගෙන් මේ පිළිබඳ විමසූ විට විදුලි ව්‍යාපෘතියේ ඉංජිනේරුවකු පැමිණ කොටුවේ පදිංචිකරුවන් සමඟ වාදයේ පැටලුණු බවත් එම ඉදිකිරීම සිදුකරන්නේ කොටුවට විදුලිය සැපයීමේ අවශ්‍යතාව මත යැයි පැවසූ බවත් ඔවුහු කියති.
මෙම ඉදිකිරීම කර ඇත්තේ රතුපාට ගඩොල් යොදා ගනිමිනි. කුඩා පෙට්ටියක් ආකාරයට ඉදිකරන මෙහි තුන්පැත්තකින් බිත්ති බැඳ ඇති අතර ඉදිරිපස නිරාවරණය වී තිබේ. කම්කරුවන් පවසා ඇත්තේ කොටුවේ පැරණි ඉදිකිරීම්වලට වඩා වෙනස්ව මෙය දර්ශනය විය යුතු බැවින් මෙලෙස රතු පැහැති ගඩොලෙන් එම ඉදිකිරීම් කළ බවයි.
කොටුවේ පදිංචිකරුවන්ගේ චෝදනාව වන්නේ විදුලිය සැපයීමට බව කියමින් කරන ලද මෙම ඉදිකිරීම් කිසිදු විධිමත් ආකාරයකින් සිදුකර නොමැති බවයි.
“මේක නිකම්ම නිකම් ගඩොල් ඉදිකිරීමක්. ගාල්ල කොටුවේ කිසිම දිංචිකරුවෙකුට පොඩි වැසිකිළියක්වත් හදාගන්න දෙන්නේ නැති පුරාවිද්‍යා එකෙන් මේවා හදන්න අවසර දුන්‍නේ කොහොමද කියලා අපිට ගැටලුවක්. සමාගම් ඇවිත් හිතු මතයට ගඩොල් බැමි බඳිනවා. අපිට ගෙදරක පොඩි වෙනස්කමක්වත් කරගන්න බැහැ.” ඔවුහු චෝදනා කරති.
ගාල්ල කොටුවේ සංචාරක ආකර්ශනය දිනාගෙන ඇති ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය සහ හිරු අට්ටාලයේ ආරුක්කුව අසළ ද මේ අමුතු ඉදිකිරීම සිදුකරන බව ඔවුහු පවසති.
එමෙන්ම පදිංචිකරුවන්ගෙන් නැගෙන තවත් චෝදනාවක් වූයේ ඉදිකර ඇති විදුලි මීටර පෙට්ටි සඳහා විදුලි රැහැන් ඇද ඇති ආකාරය කිසිසේත්ම ලෝක උරුමයකට සුදුසු නොවන බවයි.
හිරු අට්ටාලය අසළ විදුලි රැහැන් ඇදීමේ දී එම අට්ටාලයේ පැරණි ආරුක්කුවක් අසළින් කොටු පවුර පවා සිදුරු කර තිබෙණු දැකිය හැකිය.
මේ පිළිබඳ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් කුරේ මෙසේ කීවේය.
“කොටුව සංරක්ෂණ ව්‍යාපෘතියේ එක කොටසක් විදියට ගාලු කොටුව රාත්‍රී කාලයේ විදුලියෙන් ආලෝකවත් කිරීමට නියමිතව තිබෙනවා. එය සිදුකරන්නේ ලෙකෝ ආයතනය විසින්. අපි සාකච්ඡා වට ගණනාවක් තියලා එය සැළසුම් කරලා අනුමැතිය ලබාදුන්නා. එහි දී මේ ඉදිකිරීම සිදුකරන ගඩොල් වර්ගයේ සිට සියල්ල අනුමත කළේ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින්. අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වුණේ මේ සිදුකරන ඉදිකිරීම පරණ ඉදිකිරීමක් ආකාරයට පෙනෙන්නේ නැතිව නව ඉදිකිරීමක් ආකාරයට පෙනෙන ලෙස සැකසීමට. එය කොටුවේ පැරැණි ගෙවල්වලට අලුත් කොටස් එකතු කරන හෝ අලුත්වැඩියා කරන හෝ ආකාරයේ වැඩක් නෙවෙයි. පුරාවිද්‍යාත්මක සංරක්ෂණ වාස්තුවිද්‍යාත්මක ක්‍රමවේද අනුව පිළිගත් ආකාරයෙන් කරපු ඉදිකිරීමක්. කරන දේ අවසන් වෙන්න ඉස්සෙල්ලා විරෝධතාවක් මතුවුණා. මෙය කිසිසේත්ම අනවසර ඉදිකිරීමක් නොවුණත් නරාධිපතිතුමාගේ නියෝගයෙන් දැන් ඒ මීටර පෙට්ටි කඩා ඉවත්කරලා තිබෙනවා.”
මෙහි දී එල්ලවන චෝදනා අතර විදුලි රැහැන් ඇදීමට කොටු පවුර සිදුරු කර ඇති කතාව සම්බන්ධයෙන් විමසූ විට ආචාරය කුරේ කීවේ මෙවැනි අදහසකි.
“අපි මේ සඳහා අලුතෙන් සිදුරු කිරීමක් කළේ නැහැ. 2000 වර්ෂයේ දී ගාල්ල කොටුවේ විදුලි ආලෝක පහන් සවිකිරීමට බට සහ රැහැන් යොදා තිබූ ස්ථානවලින් තමයි මේ රැහැන් යොදා තිබෙන්නෙත්. කොටුවේ වතුර පිටතට යැවීම සඳහා පවා කොටු බැම්ම සිදුරු කර තිබෙනවා. යමක් කිරීම නුසුදුසු නම් ඊට විකල්පයක් තිබිය යුතුයි. අපි විකල්ප ගණනාවක් සළකා බලා තමයි මේ විදියට පැරණි රැහැන් ඇදපු ස්ථාන භාවිතා කළේ.”
සංරක්ෂණ ව්‍යාපෘතියේ නිලධාරීන් පවසන්නේ ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් ගාලු උරුමය පදනම සහ නගර සභාවේද සහභාගීත්වයෙන් රැස්වීම් පවත්වන බවයි. එම රැස්වීම සදහා ඇතැම් අවස්ථාවල දී නගරාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු හෝ පැමිණෙන බවත් මෙම විදුලි ව්‍යාපෘතිය පිළිබඳ එම රැස්වීම්වල දී සාකච්ඡා කර ඇති බවත් සංරක්ෂණ ව්‍යාපෘතියේ නිලධාරීහු කියති.
මේ සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.
“ගාල්ල කොටුවේ ස්ථාන කිහිපයක කොටුවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති ඉදිකිරීමක් සිදුකරමින් තිබෙන බවට පදිංචිකරුවන් චෝදනා කළා. එය නිරීක්ෂණය කළ විට දැනගන්න ලැබුණා මෙය කොටුවේ විදුලි ව්‍යාපෘතියේ මීටර පෙට්ටි සවිකිරීම සඳහා කරන ඉදිකිරීමක් බව. නමුත් බැලූ බැල්මට ම එය සුදුසු ඉදිකිරීමක් නෙවෙයි. ඒ නිසා එහි බැඳ තිබූ ගඩොල් ගලවා ඉවත් කළා. ගඩොල්වලට හානියක් සිදුවෙන්නේ නැති විදියටයි ඉවත් කළේ. ඒ වගේම මම ව්‍යාපෘතියේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. අපි එකඟ වී තිබෙනවා මේ ආකාරයේ රතුපාට ගඩොල් නැතිව කොටුවේ භූ දර්ශනයට හානි නොවන ආකාරයට සුදුසු සැළැස්මක් අනුව එම ඉදිකිරීම් යළි සිදුකිරීමට.”
ආචාර්ය නිලාන් කුරේ පවසන්නේ එම ඉදිකිරීම් මේ වනවිට නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගේ නියෝගයකින් ඉවත්කර ඇති බැවින් ඉදිරියේ දී වෙනත් සුදුසු සැළැස්මක් සකස් කර නව ඉදිකිරීමක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.
Before in the entrance lot of lights fixed on the floor. Never maintain and what happened. So now this should be preserved natural beauty of the Fort Galle. Technology is advanced get the best advice from the Dutch ambassadors office.