11.2 C
New York

එන්නත් ගැනීමට කරාපිටිය රෝහලට ගිය ගුරුවරු ඉවත් කරලා. පිරිසක් හැරි යති

Published:

අධ්‍යාපන කලාප කාර්යාල මගින් කරන ලද දැනුම්දීමකට අනුව කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගිය ගුරුවරු සිය ගණනක් අද (10) උදෑසන අමාරුවේ වැටුණහ.

ඔවුන්ට උදෑසන 8.00ට එහි යන ලෙස දැනුම් දී තිබුණ ද රෝහල් කාර්ය මණ්ඩලය සහ පොලිසිය එක්ව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්‍කර රෝහල් භූමියෙන් පිට කරන ලදී.

සෞඛ්‍ය අංශ පවසා තිබුණේ ගුරුවරුන්ගේ නාම ලේඛන තමන්වෙත ලැබී නොතිබුණු බවයි.

උදෑන 9.30ට පමණ කලාප කාර්යාලයේ නිලධාරීන් පිරිසක් නාම ලේඛන රැගෙන එහි පැමිණි අතර ඒ වනවිටත් ගුරුවරු විශාල සංඛ්‍යාවක් බලාපොරොත්තු කඩවී ආපසු හැරී ගොස් සිටියහ. නාම ලේඛන රැගෙන ආ පසු දහවල් 11.00ට ආසන්න වී ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කළ අතර ඒ වනවිට පැමිණසිටි ගුරුවරුන්ගෙන් අඩක් හෝ එතැන සිටියේ නැත.

මෙලෙස අද එන්නත් ලබාගැනීම සඳහා කැඳවා තිබ‍ුණේ ළමුන් 200කට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන රජයේ පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ය.

Related articles

Recent articles

spot_img