කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා අද (10) සිට තවදුරටත් ලිහිල් කර තිබේ.
ඒ අනුව අද සිට පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘතව තැබීමට කටයුතු කර තිබේ. මෙතෙක් විවාහ උත්සව සඳහා පනවා තිබූ සීමා ද ලිහිල් කරමින් මංගල උත්සව සඳහා පුද්ගලයන් 150ක් දක්වා ගෙන්වීමට ද අවස දී ඇත.
සතිපොළ පැවැත්වීම, එළිමහන් වෙළෙඳාම යන කටයුතු සඳහා අවසර ලබා දී ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන ද විවෘත කිරීමට කටයුතු කර තිබේ.
මීට අමරතව සියලුම විභාග පැවැත්වීමට අවසර හිමිවන අතර පුද්ගලයන් 50ක සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණ පැවැත්වීමට ද අවසර ලැබෙන බව නව සෞඛ්‍ය නිර්දේශවල දැක්වෙයි.
බාබර් සාප්පු ඇතුළු රූපලාවන්‍යාගාර ද විවෘතව තැබෙන අතර සාප්පු සංකීර්ණ ද විවෘතකර පවත්වාගෙන යාමට අවසර හිමිවෙයි. එමෙන් ම ඇඳුම් අළෙවි සැල් විවෘතකිරීමට ද කටයුයතු යොදා තිබේ.
පසුගිය සතියේ නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සම්බාහන මධ්‍යස්ථාන විවෘතව තැබීමට අවසර ලැබුණු අතර අද (10) නිකුත්කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෝටල් සහ විවේක ස්ථාන ද ආසන ධාරිතාවෙන් 50%ක් සහිතව සිනමා ශාලා ද විවෘත කිරීමට අවසර ලැබෙයි.
කැසිනෝ මධ්‍යස්ථාන, රාත්‍රී සමාජශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබෙන බව ද සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වෙයි.