රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබාදීමට තීරණය කර ඇතැයි පැවසෙන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද එවැනි තීරණයක් රජය විසින් ගෙන නැතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රසායනික පොහොර ආනයනය කිරීම සඳහා කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බවත්, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවත් එම ඒකකය නිවේදනය කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණින් රසායනික පොහොර හා පළිබෝධ නාශක ආනයනය තහනම් කළ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි. එවැනි තීරණයක් ගෙන තිබිය දී නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් එම තීරණය වෙනස් කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව ද එවැනි ප්‍රචාරයක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු රජය වත්මන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මැති ඇමතිවරු හමු වී සාකච්ඡා කළ බවයි. ඒ සාකච්ඡාවල දී විවිධ අදහස්, තර්ක සහ ප්‍රතිතර්ක රැසක් මතු වූ බවත් එම නිවේදනයේ දක්වා තිබේ.
මේ සියල්ල සමබරව සමාලෝචනය කර වඩාත් නිවැරදි ක්‍රියාමාර්ග සැළසුම් කිරීමට අවශ්‍ය අනුකමිටු 05ක් පත්කළ බව ද හරිත ආර්ථික පිළිවෙත වනස් කිරීමට එම සාකච්ඡාවල දී කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවූ බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.