9.9 C
New York

“X-Press Pearl නැවේ සන්නිවේදන දත්ත මැකිලා” – CID අධිකරණයට කියයි

Published:

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරිය සමඟ සිදුකරගත් පණිවිඩ හුවමාරුවලට අදාල සන්නිවේදන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (09) දැනුම් දී තිබේ.

අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ කරුණු වාර්තාකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරියේ VTMS දත්ත පද්ධතියේ මෙම නෞකාවේ සන්නිවේදන කටයුතුවලට අදාල දත්ත මැකී ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ පසුගිය මැයි 01 දා සිිට ජුනි 10 වැනි දා දක්වා කාලයට අදාල දත්ත මේ ආකාරයනේ මැකී ගොස් ඇති බව කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මගින් තමන්ට දැනුම් දී ඇති බවයි.

දත්ත මැකී ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා වෙත අදාළ යන්ත්‍රය ඉදිරිපත් කර එම දත්ත මැකී ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ද මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.  

එම ඉල්ලීම සළකා බලමින් VTMS දත්ත පද්ධතිය රස පරීක්ෂක වෙත ලබාගෙන විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න යැයි අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළාය.

Related articles

Recent articles

spot_img